කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා නිවාස අඩස්සියේ තබා ඇති බව දයාසිරි ජයසේකර මහතා පවසයි.
අද (19) පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයාට තම දියණියට කතා කිරීමට පවා අවසර නොමැති බවයි.
කාලගුණ විද්‍යා සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව යන දෙකම ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත් බව ද ජයසේකර මහතා පෙන්වා දුන්නේය.
“ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් පවත්වන ලෙස මම අධ්යක්ෂ ජනරාල්වරයාට අභියෝග කරනවා. ඔහු නිවාස අඩස්සියේ තබා තිබෙනවා. ඔහු යමක් හෙළි කරනු ඇතැයි රජය බියට පත්ව සිටිනවා. ඉල්ලා අස්වන ලෙස සමහරු ඔහුගෙන් ඉල්ලා තිබුණත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කරුණාකර මේ ආකාරයෙන් රාජ්‍ය නිලධාරීන්ට සලකන්න එපා” දයාසිරි ජයසේකර වැඩි දුරටත් පැවසුවේය.














