මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවැනි වරටත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර ම හනගර සභාවේ අයවැය දෙවනවර කියවීම ද අද (19) දින වැඩි ඡන්දයකින් පරාජයට පත්විය.

රත්නපුර මහ නගර සභාවේ සභික ධුර සංඛ්‍යාව 27කි. අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද, විපක්ෂව ඡන්ද 14ක්ද හිමි වූ අතර ඒ අනුව එක් වැඩි ඡන්දයකින් රත්නපුර මහනගර සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත් විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තේරී පත් වූ වූ නාගරික මන්ත්‍රී එල්.පී ලියනආරච්චි මහතා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website