ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රු. බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

මේ අතර අයහපත් කාලගුණික බලපෑමෙන් ඇති වූ ව්‍යසනයෙන් පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ කල්තැබීමේ විවාදයක් ද  හෙට දින පැවැත්වෙන බව ද ඇය පැවසුවාය.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය විසින් අද (17) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website