
ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීම සඳහා අගමැතිනී හරිනි අමරසූරිය ඊයේ (13) නුවරඑළිය පීඩෲ පාසලේ සහ නුවරඑළිය නගර සභාවේ පිහිටි සුරක්ෂිතතා මධ්‍යස්ථාන නිරීක්ෂණයකට එක්වූවාය.
















