ඉදිරි වර්ෂා සමයට මුහුණ දෙන්න වාරිමාර්ග දෙපාර්තමේන්තු ගත් පියවර ගැන දැනුම් දෙයි

ඉදිරි කාලය සඳහා ලබා දී ඇති වර්ෂා පුරෝකථනයන් අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක පවතින ජල මට්ටම් තවදුරටත් අඩු කරමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේය.

මේ වන විට ලබා දී ඇති පුරෝකථනයන් අනුව ඉදිරියේදී වර්ෂාව ලැබීමේ හැකියාවක් පවතින බැවින් මෙම තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින කාර්යාල පැය 24ම විවෘත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

නව සැලසුම අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව, රාජාංගන, දැදුරු ඔය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, වෙහෙරගල මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ සේනානායක සමුද්‍රයේ ද මේ වන විට ජල මට්ටම් අඩු කිරීම සඳහා ජලය නිදහස් කරමින් පවතින බව ඔහු සඳහන් කළේය.

මෙම නිදහස් කරන ජලයෙන් එහි පහළ ප්‍රදේශ සඳහා කිසිදු බලපෑමක් සිදු නොවන බව අවධාරණය කළ සූරියබණ්ඩාර මහතා ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධව නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරන බවත් පැවසීය.

ඊසානදිග මෝසම් වැසි මේ වන විට සක්‍රීය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් සිටීම වැදගත් වන නමුත් පවතින තත්ත්වයන් අනුව මේ දක්වා අවදානම් තත්ත්වයක් මතුව නැති බවත් සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website