නුවරඑළිය නගරයට පිවිසීමට ඇති මාර්ග කිහිපයක්ම යථා තත්ත්වයට පත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය අද (07) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළාය.
මහියංගනය සිට නුවරඑළිය දක්වාම මාර්ගය ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව සඳහන් කළ ඇය නුවරඑළිය සිට කොළඹ දක්වා ගිනිගත්හේන හරහා දිවෙන මාර්ගය සහ නුවරඑළිය සිට කොළඹ දක්වා බගවන්තලාව හරහා දිවෙන මාර්ගය ද මේ වන විට ගමනාගමනයට විවෘත කර ඇති බව සඳහන් කළාය.
රේන්දපොල හරහා වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගය හා උඩුපුස්සැල්ලාව මාර්ගය ද මේ වන විට විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බව කී ඇය නුවරඑළිය – නුවර ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු කරමින් පවතින අතර එය විවෘත කිරිමට තව දින කිහිපයක් ගතවන බව ද කීවාය.
හානියට පත් දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරිමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කර ඇති බවත් බවත්, දැනට විවෘත කර ඇති මාර්ගවල ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරිමට පියවර ගෙන ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වැඩි දුරටත් පැවසුවාය.











