නුවරඑළිය දිස්ත්‍රික්කයට පිවිසෙන සියලුම මාර්ග නැවත විවෘත කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු නායයෑම් සහ තවදුරටත් නායයෑම් අවදානම හේතුවෙන් දිස්ත්‍රික්කයට යන මාර්ග කිහිපයක් වසා දමා තිබූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 89ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 35 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ද කීවේය.
මේ වන විට දිස්ත්‍රික්කයේ ආරක්ෂිත මධ්‍යස්ථාන 35ක පුද්ගලයින් 2,794 දෙනෙකු රැඳී සිටින බව මෙහි දී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.











