සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින්ට සහන දීම ගැන මහ බැංකුවෙන් චක්‍රලේඛයක්

සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (05) දින නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිල නිවේදනයේ මෙසේ සඳහන් වේ.

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර ආපදා තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගනිමින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක් වූ  ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබා දීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනා සලකා බලමින්, තම ආදායමට හෝ ව්‍යාපාරයට සෘජු බලපෑම් සිදු වූ පුද්ගලයින් සහ ව්‍යාපාර සඳහා (මින් ඉදිරියට ණය ගනුදෙනුකරුවන් ලෙස හඳුන්වනු ලැබේ) සහන ලබා දීමේ අරමුණින් බලපත්‍රලාභී  බැංකු වෙත 2025 අංක 04 දරන 2025.12.05 දිනැති චක්‍රලේඛය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website