ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (05) දින පස්වරු 06.00ට කළ නවතම යාවත්කාලීන කිරීම අනුව දිට්වා සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 607 දක්වා ඉහළ ගොස් ඇති අතර අතරුදන් වූ පුද්ගගලයින් සංඛ්‍යාව 214 දක්වා පහළ වැටී ඇත. මේ වන විට පවුල් 586,464කට අයත් පුද්ගලයින් 20,82,195ක් පීඩාවට පත්ව ඇති අතර ආරක්ෂිත මධ්‍යස්ථාන 1211ක පවුල් 43,715කට අයත් පුද්ගලයින් 152,537ක් රැකවරණ ලබති.
කුණාටුවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 4164ක් වන අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 67,505කි.













