අයහපත් කාලගුණය හේතුවෙන් සහ ගංවතුර තත්ත්වයන් සමඟ සිදුව ඇති වගා හානි සම්බන්ධව වන්දි ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් සක්‍රීය කිරීමට පියවර ගත් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව අනිවාර්ය රක්ෂණයට අදාළ බෝගයන් වන වී, බඩඉරිඟු, ලොකු ළුෑණු, අර්තාපල්, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන්වලට සිදුව ඇති හානි තක්සේරු කර වන්දි මුදල් ලබා දීමට නියමිතය.
මෙම හානි සඳහා වන්දි ලබා දීම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව සිදුකරන බවත් අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
දැනට පවතින තත්ත්වය යටතේ ඉහත වගාවන් සඳහා සිදුවූ හානි සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් නොමැති බැවින් ගංවතුර බැස ගිය වහාම ගොවිජන සේවා මධ්‍යස්ථානයන් හී ඇති හානි දැනුම්දීමේ පොත්වල සිදුව ඇති හානිය පිළිබඳව සටහන් කරන ලෙස හෝ අදාළ හනිය පිළිබඳව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මහතා දැනුවත් කරන මෙන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවිජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සෙසු බෝග වගාවන්ට සිදුව ඇති හානි සම්බන්ධව ද වගාව පිහිටි ස්ථානයට අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පවත්වා ගෙන යන හානි වාර්තා කිරීමේ පොත්වල සටහන් කළ යුතු බවත් මීට අමතරව හානි දැනුම්දීම සම්බන්ධයෙන් උපදෙස් හා ගැටලු සඳහා බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ හදිසි ඇමතුම් අංක වන 1928 මගින් ද ගොවීන්ට පහසුකම් සලසා ඇතැයිද එම නිවේදනයේ සඳහන් වෙයි.










