
අයහපත් කාලගුණය හමුවේ සිදුව ඇති ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් රට පුරා ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග 206ක් අවහිර වී ඇති බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් විමල් කණ්ඩම්බි මහතා පවසයි.
මේ වන විට පාලම් 10කට ද හානි සිදුව ඇති බව සඳහන් කළ කණ්ඩම්බි මහතා නුවරඑළිය සහ අනුරාධපුරය නගර වෙත සියලු ප්‍රවේශ සහ පිටවීම් මාර්ග මේ වන විට අවහිර වී ඇති බව සඳහන් කළේය.
නුවරඑළිය සහ අනුරාධපුරය නගර වෙත සියලු ප්‍රවේශ සහ පිටවීම් මාර්ග මේ වන විට අවහිර වී ඇති බව අධ්යක්ෂ ජෙනරාල් විමල් කන්ඩම්බි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අතර වරකාපොල – කරවනැල්ල ප්‍රධාන මාර්ගයේ නියදුරුපොළ ප්‍රදේශයේ මාර්ගයට අද (29) පස්වරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් ප්‍රදේශයෙන් මාර්ගය මේ වනවිට සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.














