2026 දී බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවන වෙනස්කම් ගැන බලශක්ති ඇමැති හෙළි කරයි

ලබන වසරේ සිට බලශක්ති ක්ෂේත්‍රයේ නව පිම්මක් තැබීමට සූදානම් බව බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

පසුගිය රජය විසින් සමාගම් 12කට වෙන් කිරීමට යෝජනා වී තිබූ විදුලි බල මණ්ඩලයේ 12,000ක් වූ විදුලිබල සේවකයන්ගේ සේවා අයිතිවාසික්ම තහවුරු කිරීමට රජය කටයුතු කළ බව ද අමාත්‍යවරයා කීය.

මෙම වසරේ ඔක්තොම්බර් මාසය වන විට පුනර්ජනනීය බලශක්තිය ක්ෂේත්‍රය සඳහා සූර්ය පැනලවලින් පමණක් මෙගා වොට් 800ක් ජාතික පද්ධතියට එක් කර ගෙන ඇති බවත් 2024 දී එය මෙගා වොට් 533ක් පමණක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම වසර අවසානයේ එම ප්‍රමාණය තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරායා සඳහන් කළේය.

ඉදිරි වසර පහේ දී සූර්ය බල පද්ධතියෙන් මෙගාවොට් 5000ක් විදුලිබල පද්ධතියට එක් කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලිබිලෙන් 80%කට වැඩි ප්‍රමාණයක් වැය වන්නේ විදුලිය ජනනය සඳහා හෙයින් විදුල ජනන වියදම අඩු කර ගත යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා ජනතා දේපළ විකුණා ආයෝජකයින් ගෙන්වා ගන්නවා වෙනුවට පුද්ගලික සහ රාජ්‍ය අංශය එක්ව public-private partnership ආකාරයට ආයෝජකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website