CIABCO News Alert: චාමර සම්පත් ගැන අල්ලස් කොමිෂම අධිකරණයට කළ දැනුම් දීම

චාමර සම්පත් දසනායකට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශනයක් අවසන් – අල්ලස් කොමිසම

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ බව කියන දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි, අල්ලස් කොමිසම අද (18) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ අද කැඳවනු ලද අවස්ථාවේදීය.

අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු අල්ලස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව මෙම නඩුකරයට අදාළ ඉදිරි පියවර දැනුම්දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව අදාළ පැමිණිල්ල යළි ජනවාරි මස 20 වනදා කැඳවීමට නියම කෙරුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website