
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම හොද සූදානමකින් පසුවන බව නායක ළහිරු මධුසංඛ සඳහන් කළේය. හොංකොංහි ලබන 7 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වෙන හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතාවලිය වෙනුවෙන් සහභාගිවන ශ්‍රී ලංකා පිල ඊයේ (4) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොලින් පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ළහිරු මධුසංඛ එලෙස පැවැසුවේය.
“පසුගිය තරගාවලියේ අපි ශූරතාව දිනූ කණ්ඩායම. මෙවර තරගාවලියට හොද සූදානමකින් ඉන්නවා. පසුගිය දින කිහිපයේම ක්‍රීඩකයින් සියලු දෙනාටම එකට පුහුණුවෙන්න ලැබුණ නිසා හොඳ අවබෝධයක් ගොඩනැගී තියෙනවා. ඒ නිසා තරගාවලියට සූදානම හොදයි“ ළහිරු මධුසංඛ පැවැසූවාය.
“සචිත ජයතිලක අලුතින් කණ්ඩායමට ඇවිත් ඉන්න දඟ පන්දු යවන හොද තුන් ඉරියව් ක්‍රිඩකයෙක්. අපි කතා කරගෙන යනවා ඉදිරි සැලසුම් පිළිබඳ. හොංකොංවල අපට පුහුණු සැසියක් තියෙනවා. එයින් පසු අපේ අවසන් සැලසුම් හොඳින් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවර තරගාවලිය කණ්ඩායමක් ලෙස අපට යම් අභියෝගයක්. ගිය පාර තරගාවලියට යද්දී අපේ ක්‍රීඩකයින් පිළිබඳ ලොකු අවබෝධයක් අනෙක් රටවල ක්‍රීඩකයින්ට තිබුණේ නෑ. ඒ අය දැන් අපිව අධ්‍යයනය කරලා ඇති. ඒක තමයි තියෙන අභියෝගය“
“පසුගිය හොංකොං සික්සස් තරගාවලියට වඩා මෙවර ලෝකයේ හොඳ කණ්ඩායම් ඇවිත් තියෙනවා. හොඳ ක්‍රීඩකයින් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා හොඳ තරගාවලියක් දකින්න පුළුවන්. අපිත් හොඳින් මුහුණ දෙන්න සූදානමින් සිටිනවා. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන වේගවත්ම ක්‍රීඩාවක් මේක. ඕවර් 6යි තියෙන්නේ ජය පරාජය තීරණය වෙන්න. අපි හැම දෙනාම ඒකට සූදානම්. අපි ගිය පාර හොඳින් පන්දු යැවලා හොඳින් පන්දු රැකීම කළා. මෙවර තරගාවලියේදී අපි ඒ තත්ත්වය ඉදිරියට ගෙන යනවා“ “ ළහිරු මධුසංඛ පැවැසූවාය.
හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ළහිරු මධුසංඛ, ධනංජය ලක්ෂාන්, තනුක දාබරේ, නිමේෂ් විමුක්ති, ළහිරු සමරකෝන්, තරිඳු රත්නායක, සචිත ජයතිලක හා අතිරේක ක්‍රීඩක මොවින් සුබසිංහ ඇතුලත්ව සිටිති.
පසුගිය වසරේ පැවැති හොංකොං සික්සස් ක්‍රිකට් ශූරතා අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. එහිදී අවසන් තරගයේ වීරයා ලෙස ලකුණු 6කට කඩුලු 2ක් දවාගත් ධනංජය ලක්ෂාන් සම්මානය දිනාගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ කඩුලු 8ක් බිදහෙළූ තරිදු රත්නායකටය.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව ‘ඩී‘ කාණ්ඩයෙන් ඉදිරිපත්ව සිටින අතර, බංග්ලාදේශය හා හොංකොං එම කාණ්ඩයේ සිටිති. ‘ඒ‘ කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය, නේපාලය, දකුණු අප්‍රිකාව, ‘බී‘ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය ‘සී‘ කාණ්ඩයෙන් ඉන්දියාව, ක්වේට්. පාකිස්තානය තරගාවලියට එක්ව ඇත.
හොංකොං සික්සස් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය මේ 7 වැනිදා පෙරවරු 9.30ට හොංකොං සමඟ පැවැත්වෙන අතර, දෙවැනි තරගය එදිනම පස්වරු 12. 10ට බංග්ලාදේශය සමඟ පැවැත්වෙනු ඇත.
තරගාවලියට එක්ව සිටින ඇෆ්ගනිස්තාන පිලේ නායකත්වය ගුල්බාදින් නබී උසුලන අතර, නේපාලය ෂාරාද් වෙස්වර්කර්, දකුණු අප්‍රිකාව ජෝදාර්න් මොරිස්, ඔස්ට්‍රේලියාව ඇලෙක්ස් රෝස්, එංගලන්තය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය හර්ෂිට් කෞෂික්, ඉන්දීය පිල දිනේෂ් කාර්තික්, ක්වේට්ය යාසීන් පටෙල්, පාකිස්තානය අබ්බාස් අෆ්රිඩි, බංග්ලාදේශ පිල අක්බර් අලි හා හොංකොං පිලට යාසින් මුර්ෂිටා නායකත්වය ලබා දෙති.
තරගාවලියට කණ්ඩායම් 12 ක් සහභාගි වන අතර ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ සත්කාරක හොං කොං රාජ්‍යය ‘ඩී’ කාණ්ඩයෙන් තරග කරති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාල සටහ
- නොවැම්බර් 07 – පෙ.ව. 9.25 ට හොං කොං පිලට එරෙහිව සහ ප.ව. 12.10 ට බංග්ලාදේශයට එරෙහිව
- නොවැම්බර් 08 වැනිදා – ප.ව. 1.05 ට එංගලන්තයට එරෙහිව පළමු අර්ධ අවසන් පූර්ව තරගය
මූලාශ්‍රය – srilankacriket.lk













