කංසා වගා ව්‍යාපෘතියට සහභාගී වීමට දේශීය ආයෝජකයින්ට ද අවස්ථාව ලබා දීමට රජය සැලසුම් කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පවසයි.
ඇතැම් කණ්ඩායම්වල විරෝධය නොතකා රජය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට කැප වී සිටින බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඊළඟ අදියරේ දී දේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වයෙන් මෙම මුලපිරීම වඩාත් සාර්ථක වනු ඇතැයි ද පැවසීය.
මීරිගම පිහිටි ආයෝජන මණ්ඩලය සතු අක්කර 65ක ඉඩමක විශේෂ ආරක්ෂාවක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව කී අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය සඳහා අයදුම්පත් 37ක් ලැබුණු බවත් ඉන් 7 ක් විශේෂ කොන්දේසි යටතේ තෝරා ගන්නා ලද බවත් හෙළි කළේය.
ව්‍යාපෘතියේ ආරම්භක අදියර සඳහා ආයෝජන මණ්ඩලය විසින් දැඩි කොන්දේසි යටතේ විදේශීය ආයෝජකයින් පමණක් තෝරා ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. මෙම ආයෝජකයින් මෙම වසර අග දී අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කරන අතර, වගා කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.














