GovPay රුපියල් මිලියන 750 කට අධික ඩිජිටල් ගෙවීම් ප්‍රමාණයක් සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකා රජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වවන GovPay මඟින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු සඳහා බැංකු සහ ඩිජිටල් මුදල් පසුම්බි හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට පහසුකම් සලසා දී තිබේ.

ඒ අනුව අද දිනය වන විට ගනුදෙනු 38,378 ක් ඔස්සේ රුපියල් 760,834,489 ක රාජ්‍ය ගනුදෙනු සිදු කර ඇති අතර මේ සඳහා රාජ්‍ය ආයතන 184ක ප්‍රමාණයක් එක්ව තිබේ.

GovPay ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රටේ ජාතික ගෙවීම් ජාලය වන LankaPay විසින් මෙහෙයවන ලද ව්‍යාපෘතියක් වන අතර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම වේදිකාව රජයේ මූල්‍ය ගනුදෙනුවල වැඩිදියුණු කළ පාලනය, නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ විනිවිදභාවය සහතික කරමින් ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලීන් නවීකරණය කිරීම සිදු කෙරේ.

ඒ අනුව රජයේ ආයතන සමඟ මූල්‍ය ගනුදෙනු විධිමත් කිරීමෙන් විද්‍යුත් පරිපාලනය වැඩිදියුණු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන ප්‍රයත්නයන් අතර මෙම ව්‍යාපෘතිය ප්‍රධන තැනක් ගනියි.

GovPay 2025 පෙබරවාරි මස ජනාධිපති, ඩිජිටල් ආර්ථික අමාත්‍ය, අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දියත් කරන ලද අතර, අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීම සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website