ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය (SLAP), FESPA සමඟ සහයෝගයෙන් මුද්‍රණ කර්මාන්තයේ අනාගතය පිළිබඳ සම්මන්ත්‍රණයක් සහ ව්‍යාපාරික සංසදයක් සාර්ථකව සංවිධානය කළේය. රත්නපුර කලාපයේ කුරුවිට, බලන්ගොඩ, ඇඹිලිපිටිය යන ප්‍රදේශවල වෘත්තිකයන් 95 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රත්නපුර ග්‍රෑන්ඩ් ගාඩියන් හෝටලයේදී මෙම වැඩමුළුව පැවැත්විණි.
















