ශ්‍රී ලංකා ස්ත්‍රී ජනගහනය 757,112කින් ඉහළට – 2024 ජන සංගණනය

ශ්‍රී ලංකා ස්ත්‍රී ජනගහනය 757,112කින් ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.  2024 සංගණනයේදී වාර්තා අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 51.7%ක් ස්ත්‍රීන් වන අතර 48.3ක් පුරුෂයින් වේ. 2024 සංගණනයේදී වාර්තා වන ස්ත්‍රීන් සංඛ්‍යාව, පුරුෂ සංඛ්‍යාවට වඩා 757,112කින් වැඩි බවට හඳුනා ගෙන තිබේ.

2024 වසරේදී වැඩි ම ස්ත්‍රී ප්‍රතිශතයක් වාර්තා වන්නේ නාගරික අංශයෙන් වන අතර 2012 සංගණනය සමග සංසන්දනය කිරීමේදී මෙවර නාගරික හා ග්‍රාමීය අංශවල පුරුෂ ප්‍රතිශතයේ අඩුවීමක් දක්නට ලැබී ඇති අතර වතු අංශයේ වැඩි වීමක් දක්නට ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ වැඩි දෙනා ස්ත්‍රීන් බව සංගණනයකදී ප්‍රථමයෙන් වාර්තා වූයේ 2001 ජන හා නිවාස සංගණනයේදී බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website