සිංහල ජනගහන වර්ධනය පහළට – මුස්ලීම් ජනගහනයේ වාර්තාගත වර්ධනයක්

2024 ජන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 74.1%ක් සිංහල ජනවර්ගය නියෝජනය කරන බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

සිංහල ජනගහන ප්‍රතිශතය 2012දී 74.9%ක්ව පැවති අතර 2024 වන විට එය 74.1% දක්වා ප්‍රතිශත ඒකක 0.8කින් අඩු වී තිබේ.

2012-2024 කාලය තුළ සිංහල ජනගහනයෙහි සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතිකය 0.4%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර උතුරු හා නැගෙනහිර පළාත්වල සියලු ම දිස්ත්‍රික්කවල සහ මාධ්‍යම පළාතේ නුවරඑළිය හැරුණු විට අනෙකුත් සියලු ම දිස්ත්‍රික්කවල ජනගහනයෙන් 70%කට වඩා සිංහල බව ද 2024 ජන සංගණනය පවසයි.

මුළු ජනගහනයෙන් 12.3% ශ්‍රී ලංකා දෙමළ ද, 10.5%ක් ශ්‍රී ලංකා යෝනක / මුස්ලිම් ද, 2.8%ක් ඉන්දියානු දෙමළ / මලෙයියහ දෙමළ වන අතර තවත් 0.3%ක ජනගහන ප්‍රතිශතයක් බර්ගර්, මැලේ, ශ්‍රී ලංකා චෙට්ටි, භාරත සහ වැදි ඇතුළු වෙනත් වර්ගවලට අයත් වූවෝ වෙති.

ශ්‍රී ලංකා යෝනක / මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 2012දී 9.3% සිට 2024 වන විට 10.5% දක්වා ප්‍රතිශත ඒකක 1.2කින් වැඩි වී ඇති අතර ඉන්දියානු දෙමළ / මලෙයියහ දෙමළ ජනගහන ප්‍රතිශතය 2012දී 4.1% ලෙස පැවති අතර 2024දී 2.8% දක්වා ප්‍රතිශත ඒකක 1.3කින් අඩු වී අති නමුත් ශ්‍රී ලංකා දෙමළ ජනගහන ප්‍රතිශතය 2012දී 11.1ක් ලෙස පැවති අතර 2024දී 12.3%ක් දක්වා ප්‍රතිශත ඒකක 1.2 කින් වැඩි වී තිබේ.

භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website