2024 දී ශ්‍රී ලංකාවේ ජනගහනය 21,781,800ක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2024 ජනලේඛන හා විසින් පසුගිය දා නිකුත් කළ අතර එම වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වේ.
2012 වසරේ සිදු කළ සංගණනයේදී වාර්තා වූ 20,359,439ක් වූ ජනගහනයට වඩා 2024 දී පුද්ගලයින් 1,422,361ක වර්ධනයක් පෙන්වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
2024දී නාගරික, ග්‍රාමීය, වතු නාගරික සහ වතු ග්‍රාමීය ලෙස අංශ හතරකට බෙදා දත්ත රැස් කර ඇති අතර 2024 සංගණනයේදී ග්‍රාමීය අංශයේ 1,343,596ක ජනගහන වර්ධනයක් ද නාගරික අංශයේ 114,733ක ජනගහන වර්ධනයක් ද පෙන්නුම් කරන අතර වතු අංශයේ පමණක් 35,968ක අඩුවීමක් නිරීක්ෂණය වී තිබේ.
භාතිය බරුකන්ද











