හෙරෝයින්, අයිස් වැනි මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවට ගෙනඑන, මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ ඉහළින්ම සිටින්නේ පස්දෙනෙක් බවත් ඔවුන් සියල්ලම මේ වනවිට හඳුනාගෙන ඇති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ.
දැනට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින කෙහෙල්බද්දර පත්මේගෙන් බොහෝ තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වෙන අතර මීට ප්‍රථම අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධුෂ් හරහා ද පොලීසියට විශාල තොරතුරු ප්‍රමානයක් ලැබ තිබී ඇත. මෙම තොරතුරු සහ බුද්ධි අංශ තොරතුරු විශ්ලේෂණය හරහා මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ ඉහළින්ම සිටින පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර මෙම ජාලයේ දෙවෙනි තෙවෙන පෙළ හඳුනාගනිමින් සිටින බවත් ඒ සඳහා අවශ්‍ය විමර්ශනයන් සක්‍රීය බවත් දැනගන්නට ලැබෙයි.
මේ අතර ‘මත්ද්‍රව්‍යට එරෙහිව රටම එකට’ යන තේමාව ඔස්සේ, එලබෙන 30 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මතට එරෙහිව යුද්ධයක් ආරම්භ කරන්නට සියල්ල සූදානම් කර ඇති බව ප්‍රකාශ කරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා, වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධකර ජයග්‍රහනය කළ ආකාරයටම වර්තමාන ජනාධිපතිවරයාත් මෙම යුද්ධය ජයග්‍රහනය කරනු ඇති බවය.
මෙම වැඩසටහන යටතේ පුළුල් ප්‍රචාරණ ක්‍රියාවලියක් හරහා සමාජය මත් උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම ද විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම ද, මතට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන කිරීමද, සිදුවෙනු ඇතැයි ප්‍රකාශ කරන මන්ත්‍රීවරයා, මෙම වැඩසටහනේ පළමු ප්‍රගති සමාලෝචනය ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේදී සිදුකරන්නට සැලසුම් කර ඇතැයි ද, දැනට මෙය අවුරුද්දක ක්‍රියාකාරී සැලැස්මක් මත ක්‍රියාත්මක වෙනු ඇතැයි ද, ප්‍රකාශ කරයි.
කේ. සංජීව
මත් එවන ප්‍රධාන ගෝඩ්ෆාදර්ලා 5 හඳුනා ගැනේ..! මතට එරෙහිව අනුර යුද්දෙට









E-Paper