ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩිම ණය ලබාගත් රටවල් අතර ශ්‍රී ලංකාව 13 වන ස්ථානයට පත්ව ඇත.
ශ්‍රී ලංකාව ගත් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3ක් බවට වාර්තා වේ.
මේ වන විට රටවල් 86ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සමස්ත වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 162 ක ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බව සඳහන් වේ.
අවස්ථා 15කට වඩා වැඩි ගණනකදී මෙම අරමුදලේ සහය ලබා ගත් ශ්‍රී ලංකාව, දකුණු ආසියානු රටවල් අතර බංග්ලාදේශය සහ පකිස්තානයෙන් පසුව මෙම ලැයිස්තුවේ රැඳී තිබේ.
ඇමෙරිකානු ඩොලර් බිලියන 57ක පමණ හිඟ ණයක් සමඟින් ආර්ජන්ටිනාව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශාලතම ණය ගැනුම්කරු ලෙස ප්රමුඛ ස්ථානයේ සිටිනවා.
ඊට පසුව, ඇමෙරිකානු ඩොලර් බිලියන 14ක් සමඟින් යුක්රේනය සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 9ක් සමඟින් ඊජිප්තුව මෙම ලැයිස්තුවේ රැඳී සිටිනවා.
ආර්ජන්ටිනාවේ ආර්ථික ස්ථාවර කිරීම සඳහා උපකාර පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඔවුන්ගේ 23 වන වැඩසටහන අප්‍රේල් මසදී අනුමත කළ අතර, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක ඇප මුදලක් ඇතුළත් වූ බව සඳහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩිම ණය ලබාගත් රටවල් අට අතර, පාකිස්තානය – ඇමෙරිකානු ඩොලර් මිලියන 8.6ක්, ඉක්වදෝරය – ඇමෙරිකානු ඩොලර් බිලියන 8.83, අයිවරි කෝස්ට් – ඇමෙරිකානු ඩොලර් බිලියන 4.22ක්, කෙන්යාව – ඇමෙරිකානු ඩොලර් බිලියන 4.09ක්, බංග්ලාදේශය – ඇමෙරිකානු ඩොලර් බිලියන 3.97ක් ලබාගෙන ඇත.
දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) කොටසක් ලෙස මනින විට වැඩිම ණය ඇති රටවල් වන්නේ සුරිනාම් – 13%, මධ්‍යම අප්‍රිකානු ජනරජය 9.4%, ආර්ජන්ටිනාව – 8.3%, බාර්බඩෝස් – 7.4% සහ ගැම්බියාව 6.95% ක් ලෙස සඳහන් වේ.
ශ්‍රී ලංකාවට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළ ද, ඒවා බොහෝ විට දැඩි ප්‍රතිපත්තිමය කොන්දේසි සමඟ පැමිණෙනවා.
එමඟින් ණය ගන්නා රටවල සමාජ හා ආර්ථික අභියෝග තීව්ර කළ හැකි දැඩි ආර්ථික පියවරයන්ට මගපෑදිය හැකි බවට සඳහන් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය ඉතිහාසයේ වැඩිම සමස්ත හිඟ ණය ප්‍රමාණය දැනට දරන බව ද වාර්තා වේ.
ඇම්. ඩී. ධර්මසිරි








E-Paper