බස්නාහිර මහ ඇමැතිකමට සජබෙන් තිදෙනෙක්

පළාත් සභා මැතිවරණය ලබන වසරේ කැඳවුවහොත් එහි ප්රධාන පළාත් සභා සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්රිවරුන් සහ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්රිවරුන් කිහිප දෙනකු සූදානමින් සිටින බව සජබ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර බස්නාහිර පළාත් සභාව සඳහා මහ ඇමැති අපේක්ෂක ලෙස එස්.එම්. මරික්කාර් මන්ත්රිතුමා ඉදිරිපත් වීම කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බව වාර්තා වේ.
ඒත් බස්නාහිර පළාත් සභාව ද ක`ඵතර ගම්පහ සහ කොළඹ සිංහල බෞද්ධ ඡන්ද පදනම මත ඔහුගේ ඉදිරිපත් වීම සජබ ජයග්රහණයට ඉවහල් නොවනු ඇති බව ඇතැම් දෙනාගේ මතය වී ඇත.
මරික්කාර් මන්ත්රිවරයා හැරුණු විට එරාන් වික්රමරත්න මහතා කෙරෙහිද අවධානය යොමු වී ඇතත් එරාන් වික්රමරත්න මහතා පළාත් සභා මැතිවරණයට තරග නොකරන බව වාර්තා වේ.
මධ්යස්ථ මතධාරීන් සහ පාවෙන ඡන්දදායකයන් දිනා ගනිමින් ආණ්ඩුවට අභියෝගයක් විය. හැකි දෙවැනි පෙළ නායකයකු ලෙස පක්ෂ කණ්ඩායමක විශේෂඥ වෛද්ය චමල් සංජීවට අවස්ථාව ලබාදිය යුතු බව පක්ෂ මධ්යස්ථ විචාරකයන්ගේ මතය වී ඇත.
මීට අමතරව ක`ඵතර චරිත අබේසිංහ සහ ගම්පහ වර්ණ රාජපක්ෂ කෙරෙහි ද අවධානය යොමුව ඇත.
තවත් ගොඩක් කණ්ඩායම් හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මියට මහ ඇමැති අපේක්ෂක ධුරය ලබාදිය යුතු බවට යෝජනා වී ඇතත් මේ වනවිට එතුමිය කෙරෙහි ජනප්රසාදයක් නොමැති බැවින් එම යෝජනාව ප්රතික්ෂේප කළ යුතු බව ජ්යෙෂ්ඨ කිහිප දෙනකුගේ මතය වී ඇත.

ඇම්.ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website