ක්ලීන් ශ්‍රි ලංකා ජාතික වැඩ පිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක කරන සෙයිරි නීතිය අදින් (01) ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ලබන 04 වැනිදා දක්වා සෙයිරි නීතිය ක්‍රියාත්මක වේ. ‘සෙයිරි’ යනුවෙන් හඳුන්වන්නේ ඵලදායීතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අනුව ‘සංවිධිත’ බවයි. මෙහිදී සෑම ආයතන ප්‍රධානියකු විසින්ම මෙම සතිය තුළ දිනපතාම උදෑසන පැය දෙකක කාලයක් ආයතනයේ ගොඩනැගිලි, ඇතුළත සහ පිටත ඇතුළුව බාහිර පරිසරය මනාව පවත්වා ගැනීමට කටයුතු කළ යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර පවසා සිටියේය.
වැඩ පිළිවෙළ ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැන ලේකම්වරයාගේ අත්සනින් යුතු චක්‍ර ලේඛයක් ද නිකුත් කොට ඇත.
දමයන්ති








