කෙහෙල් බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලිය විසින් අතිශයින් වැදගත් රහස්‍යමය තොරතුරු රැසක් හෙළි කරමින් සිටින වග පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
තමන්ගේ අල්ලේ නැටවුණු දේශපාලන නායකයින්, පොලිස් ලොක්කො සහ ආගමන විගමන නිලධාරින් යන පිරිසකගේම නම් ගම් සියල්ල හෙළිදරව් කළ මොවුන් කුලී ඝාතකයන් ඇතුළු මැර කල්ලි සිය ගණනකගේ සියලුම විස්තර ද අකුරක් නෑර පවසා සිටියේයැ’යී සඳහන්වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුළුල් මෙහෙයුමක් යටතේ මොවුන් කොටුකර ගැනීමට අවැසි විධිවිධාන මේ දිනවල සැලසුම් කරමින් සිටින බව වැඩිදුර ආරංචි මාර්ග පවසයි.
දමයන්ති








