විමර්ශන කිහිපයකටම රනිල්ගේ නම ඈඳෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දියත් කොට ඇති විමර්ශන කිහිපයකටම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ නම ඈඳී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
ඉන් ප්රධානම චෝදනාවක් වන්නේ, රනිල් වික්රමසිංහ සහ බිරිඳ මෛත්රී ඇගේ උපාධි ප්රධානෝත්සවයක් වෙනුවෙන් ලන්ඩනයේ සංචාරය කිරීම සඳහා ජනතා බදු මුදල් අයථා ලෙස යොදා ගැනීමයි.
මේ සඳහා මිලියන 60ක පමණ මුදලක් වියදම් කොට ඇති බව වාර්තා වන අතර මේ පිළිබඳව පසුගිය සතියේ ඔහුගේ පෞද්ගලික ලේකම්ව සිටි සැන්ඩ්රා පෙරේරාගෙන් ද ලේකම්ව සිටි සමන් ඒකනායකගෙන් ද කාර්යමණ්ඩල ප්රධානියාව සිටි සාගල රත්නායකගෙන් ද ප්රකාශ ලබා ගෙන තිබෙන බව ද සැලය.


දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website