රජයට පවරාගත් කතෝලික පාසල් පරිපාලනයට අදාළ ගැට විසඳීමට කමිටුවක් පත් කෙරේ

රජයට පවරාගත් කතෝලික පාසල් පරිපාලනයට අදාළ ගැට විසඳීමට කමිටුවක් පත් කිරීමට ජනපති ලේකම්වරයා පසුගිය දා තීරණය කළේය.

මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කතෝලික රදගුරු සම්මේලනය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‌ පසුගිය දා පැවැති අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

රජයට පවරා ගත් කතෝලික පාසල්වල පරිපාලන, අධ්‍යාපන සහ කතෝලික ධර්මය සඳහා ගුරුවරු බඳවා ගැනීම සම්බන්ධ ගැටළු පිළිබඳව මීට පෙර ඇති කරගත් එකඟතා සහ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය මෙහිදි සමාලෝචනය කරන ලදී. එම ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කිරීමටද මෙහිදි තීරණය කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website