සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ (ROC) පරිපාලන සහ තාක්ෂණික ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීම සහ වත්මන් ආර්ථික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා විශේෂ උපදේශක සභාවක් (Advisory Council) පත් කර තිබේ.
මෙම උපදේශක සභාව පත් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ආයෝජකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට කඩිනම් හා විනිවිදභාවයකින් යුත් සේවාවක් ලබා දීම තුළින් ශ්‍රී ලංකාව ආයෝජන සඳහා වඩාත් හිතකර ගමනාන්තයක් බවට පත් කිරීමයි.
උපදේශක සභාවේ සාමාජිකයින් ලෙස නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන්, වරලත් ගණකාධිකාරීවරුන්, හිටපු සමාගම් රෙජිස්ට්‍රාර්වරුන් මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් පත් කර ඇත. මෙම සභාව මාසිකව රැස්වී දෙපාර්තමේන්තුවේ ඉදිරි ප්‍රතිපත්තිමය තීරණ සඳහා සෘජුවම සිය දායකත්වය ලබා දීමට නියමිතය.
















