රත්නපුර – කොළඹ හිදැල්ලන ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – 05කට බරපතළයි

රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ හිදැල්ලන ප්‍රදේශයේදී අද (27) පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රත්නපුර පොලිසිය පවසයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි බව ද වාර්තා වේ.

තුවාල ලැබූ සියලු දෙනා ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website