උසස් අධ්‍යාපනය වෙනුවෙන් කළ සේවය අගයමින් පසුගිය දිනක තුන්වන චාල්ස් රජු අතින් නයිට් පදවිය ලැබූ Leicester විශ්වවිද්‍යාලයේ සභාපති සහ උපකුලපති මහාචාර්ය ශ්‍රීමත් නිශාන් කනගරාජා මහතා අද (25) දින පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමු විය.
පර්යේෂණ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර විශ්වවිද්‍යාල අතර හවුල්කාරිත්වයන් ගොඩනැගීම, ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීමේ අවස්ථා පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරනු ලැබුවේය.













