තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට අත්සන් තැබේ

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය Sihasak Phuangketkeow මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික සබඳතා මෙම සංචාරය තුළින් පිළිබිඹු වන අතර, දෙරට අතර වෙළඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය සහ විදේශ රැකියා, කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට ද මෙමඟින් නව අවස්ථා උදා වනු ඇති බව ජනපතිවරයා පැවසුවේය.

එමෙන්ම, දෙරට අතර සංචාරක කටයුතු පහසු කිරීම සහ ජනතාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීම් ගිවිසුමකට අත්සන් තැබීම ද මෙහිදී සිදු වූ අතර, එය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකි බව ද ජනපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website