මාළිමාවට බලය හිමි පදියතලාව ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය අති බහුතර ඡන්දයකින් පරදී

පදියතලාව ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර රාජපක්ෂ මහතා විසින් අද (18) අයවැය සභාවට ඉදිරිපත් ලද පදියතලාව ප්‍රාදේශීය සභාවේ 2027 වසර සඳහා වූ අයවැය වැඩි ඡන්ද පහකින් පරාජයට පත්විය.

අයවැයට පක්ෂව ඡන්ද 7ක් සහ විපක්ෂව ඡන්ද 13ක් හිමි වූ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හත්දෙනාම අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු, සර්වජන බලයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website