මෙරටදී පැවැත්වෙන ප්‍රථම බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සමගාමීව, BIMSTEC සංවිධානයේ මහලේකම් ඉන්ද්‍ර මනී පාණ්ඩේ මහතා ප්‍රමුඛ සාමාජික රටවල සෞඛ්‍ය ලේකම්වරුන් හා ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිස ඊයේ (10) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වූහ.
මෙහිදී සාමාජික රටවල සෞඛ්‍ය සේවා පද්ධතිවල ක්‍රියාකාරීත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීම මෙන්ම කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව සුහදව අදහස් හුවමාරු ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
බිම්ස්ටෙක් සංවිධානයේ මහජන සෞඛ්‍ය සහයෝගීතාව පිළිබඳ ප්‍රමුඛ රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරන අතර, කලාපීය සෞඛ්‍ය අභියෝගවලට සාමූහිකව මුහුණදීම සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් ප්‍රථම බිම්ස්ටෙක් සෞඛ්‍ය අමාත්‍ය සමුළුව අද (11) පෙරවරුවේ කොළඹදී ආරම්භ වීමට නියමිතය. මෙම හමුව සනිටුහන් කරමින් බිම්ස්ටෙක් මහලේකම් තානාපති ඉන්ද්‍ර මනී පාණ්ඩේ මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කිරීමට ද අමාත්‍යවරයා පියවර ගත්තේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙන්ම බිම්ස්ටෙක් සාමාජික රටවල් නියෝජනය කරමින් පැමිණි නියෝජිත පිරිස ද එක්ව සිටියහ
















