සිංහරාජ රක්ෂිතය තුළ කෘමීන් සහ උරග විශේෂ එකතු කරමින් සිටි බව කියන චීන ජාතික පිරිමින් තිදෙනෙකු සහ කාන්තාවක පසුගිය දා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උඩවලව ජාතික වනෝද්‍යානයේ පනහඩුව වනජීවී අඩවි කාර්යාලයට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබී කෘමි හා සත්ව විශේෂ 40කට ආසන්න ප්‍රමාණයකට අයත් නිදර්ශක 250කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ සොයා ගත් සාම්පල කලවාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් 2026 නොවැම්බර් 23 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.
සැකකරුවන් සතුව තිබී සොයා ගත් ජීවමාන සහ අජීවී නිදර්ශක හඳුනා ගැනීම සහ පසුව ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානවලට මුදා හැරීම සඳහා ජාතික කෞතුකාගාරයට භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
සැකකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට පරීක්ෂණවලින් හෙළි වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.















