පසුගිය 06 වැනි දා කොළඹ නගරය තුළ ඇති වූ ක්ෂණික ගංවතුරෙන් බලපෑමට ලක් වූ සහ පරිභෝජනයට නුසුදුසු යැයි සැලකෙන ආහාර තොග වෙළඳපොළට ආපසු ලබා දෙන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා ඉදිරි දිනවලදී කොළඹ ප්‍රදේශයේ වැටලීම් කිරීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේය.
ඔහු පැවසුවේ හදිසි ගංවතුර ප්‍රදේශ කිහිපයක ආහාර තොගවලට හානිකර ඇති බවට වාර්තා වන බවයි. මෙම වැටලීම්වලින් හඳුනා ගන්නා ආහාර තොග විනාශ කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.
“බොහෝ තොග වෙළෙඳුන් දැනටමත් හානියට පත් ආහාර තොග ඉවත් කර බැහැර කිරීම සඳහා කොළඹ මහ නගර සභාවට භාර දී තිබෙනවා. නමුත් මේ ගැන වඩාත් පුළුල් විමර්ශනයක් සිදුවිය යුතු බව අපි හිතනවා. ඒ අනුව මේ සතිය තුළ දී විමර්ශන ආරම්භ කරනවා”මුතුකුඩ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
















