අලුතින් සිංගල් කැබ් රථ 200ක් ශ්‍රී ලංකා පොලිසියට

ශ්‍රී ලංකා පොලිසිය වෙත වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන උපයෝගී කරගනිමින්, පොලිස් ස්ථානවල රාජකාරි මහජනතාවට වඩාත් කාර්යක්ෂමව සහ ඵලදායීව සිදු කිරීමේ අරමුණින් අලුතින් සිංගල් කැබ් රථ 200ක් මිලදී ගැනීමට තීරණය කර ඇත.

රුපියල් මිලියන 130 කට ආසන්න මුදලක් වැයවන මෙම ව්‍යාපෘතිය ඩිමෝ (DIMO) ආයතනය මගින් සිදුකරවා ගැනීමට නියමිතය. ගරු මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා, ගරු පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ ඩිමෝ ආයතනයේ කළමනාකාරීත්වය අතර පැවති සාකච්ඡාවකදී මේ සඳහා වන මූලික එකඟතාවයට පැමිණ තිබේ.

බදු සහිතව එක් කැබ් රථයක වටිනාකම රුපියල් ලක්ෂ 56ක් පමණ වන අතර, ඉදිරි දින කිහිපය තුළ මෙම රථ මිලදී ගැනීමේ කටයුතු සම්පූර්ණ කිරීමට සැලසුම්කර ඇත.

මිලදී ගනු ලබන මෙම කැබ් රථ, දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල පවතින අවශ්‍යතාවයන් සහ ප්‍රමුඛතාවයන් හඳුනාගනිමින් එම පොලිස් ස්ථාන වෙත බෙදා හැරීමට නියමිත අතර, එමගින් ක්ෂණික රාජකාරි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි, තොරතුරු සහ අපරාධ විසදීමට කාර්යක්ෂම සේවාවක් ලබා දිමට මෙ තුලින් හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website