නැගෙනහිර දුම්රිය මාර්ගයේ වන අලි ගැටීම් අවම කිරීමට විශේෂ ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක්

නැගෙනහිර දුම්රිය මාර්ගයේ වන ඇලි ගැටීම් අවම කිරීමට විශේෂ ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.

අවට පරිසරය පැහැදිලි නිරීක්ෂණය කළ හැකි වන ආකාරයට සහ දුම්රියේ වේගය කාර්යක්ෂමව පාලනය කිරීමට හැකි නවීන දුම්රිය එන්ජින් හඳුන්වා දීම, රියදුරන් ඉදිරි මාර්ගය පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ පහසුකම් සහිත අධිබලැති දුම්රිය එන්ජින් ධාවනයට එක් කිරීම, වන අලි මාරුවන ස්ථානවල නාම පුවරු වැඩි දියුණු කිරීම හරහා අනතුරුදායක ස්ථාන පිළිබඳ රියැදුරන් දැනුවත් කිරීම මෙම ආරක්ෂණ ක්‍රියාමාර්ග අතර ඉදිරියෙන්ම තිබෙන බව අමාත්‍යවරයා පැවසුවේය.

මීට අමතරව,විකල්ප ජල මූලාශ්‍ර සැපයීම – හබරණ – කන්තලේ දුම්රිය මාර්ගයේ සැතපුම් 1331/2 ආසන්නයේ ජල තටාක දෙකක් ඉදිකිරීම තුළින් වන අලි දුම්රිය මාර්ගයට ආසන්න වීම අවම කිරීම, Motion Sensors සහිත සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ආලෝක පද්ධති සවිකිරීම සහ දුම්රිය මාර්ගය දෙපස නිරීක්ෂණයට පහසුකම් සැලසීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන එල්ලෙන ආලෝක පහන් 30ක් සවි කිරීම මෙම නව ආරක්ෂණ පියවර අතර වන බව පරිසර අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website