2026.10.25 වන දින හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියෝග පරිදි ක්රියාත්මක පුළුල් විමර්ශනයට අනුව මේ වන විට සිවිල් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් සහ පොලිස් නිලධාරීන් 09 දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කර ඇත.
මිය ගිය සැකකරු සමඟින් එදින රාත්රීයේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු මේ වන විට බන්ධනාගාර ගතව සිටින බැවින් අධිකරණයෙන් ලබාගත් නියෝග පරිදි විමර්ශන නිලධාරීන් 2026.10.29 වන දින බන්ධනාගාරයට ගොස් එම සැකකරුගෙන්ද ප්රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කර තිබේ.
2026.10.28 දින අත්අඩංගුවට ගත් හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ හිටපු උප පොලිස් පරීක්ෂකවරයා 2026.10.29 වන දින හෝමාගම ගරු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා 2026.11.12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
විමර්ශනය මගින් මිය ගිය සැකකරු 2026.10.24 වන දින රිය අනතුරකින් ප්රතිකාර ලබා ගැනීම සඳහා හෝමාගම රෝහලට ඇඳ හිස පත් අංක 65644/2026 යටතේ පස්වරු 01.05 ට ඇතුළත්ව එදිනම පස්වරු 05.55 ට අනවසරයෙන් රෝහලෙන් පිටව ගොස් ඇති බව අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධවද ගරු අධිකරණයට කරුණු වාර්තා කිරීමට විමර්ශන නිලධාරීන් විසින් කටයුතු කර ඇත.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් සියළු සාක්ෂි සටහන් කර ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරයි.














