බාල වයස්කාර දියණිය දූෂණය කළ පියාට 54 වසරක බරපතළ සිරදඬුවම්

වයස අවුරුදු 16 ට අඩු දැරියක් පියා විසින් ස්ත්‍රී දුෂණය සිදුකිරීමේ අපරාධයක් සම්බන්ධව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයේ නඩු පවරා ඇත.

2026.10.29 වන දින ගම්පහ මහාධිකරණයේ මෙම නඩුව කැඳවා තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර එහිදී චූදිත වන වින්දිත දැරියගේ පියා වෙත නගා තිබූ චෝදනා 03 ටම වරදකරු බවට තීන්දු කරමින් මහාධිකරණ විනිසුරුතුමා විසින් චූදිතට එක් එක් චෝදනාව සඳහා වෙන වෙනම වසර 18 බැගින් බරපතල සිරදඬුවම් හා රුපියල් 50,000/- (පනස්දාහ) බැගින් දඩ නියම කරමින් සියළුම චෝදනා සඳහා වසර 54 ක සිරදඬුවම් හා රුපියල් 150,000/- (එක් ලක්ෂ පනස්දාහ) ක දඩයක් නියම කර ඇත. එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට වෙන වෙනම වසර බැගින් වසර 03 ක සිරදඬුවම් නියම කර ඇත.

තවදුරටත් නියෝගය ප්‍රකාශයට පත් කරමින් වින්දිත දැරිය වෙත රුපියල් 200,000/- (ලක්ෂ දෙක) ක වන්දි මුදලක් ගෙවීමට නියෝග කර එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර 02 ක සිරදඬුවම් නියම කර ඇත.

මීට පෙර පානදුර මහාධිකරණයේදී මෙම නඩුවේ වින්දිත දැරියව ස්ත්‍රී දුෂණය සිදුකිරීම හා මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් චූදිත වන වින්දිත දැරියගේ මවගේ අනියම් පුරුෂයාට විරුද්ධව චෝදනා 02 ක් යටතේ නඩු කටයුත්තක් පවත්වාගෙන ගොස් ඇත. එම නඩුවේ තීන්දුව 2024/06/24 ප්‍රකාශයට පත් කරමින් පළමු චෝදනාවට බරපතල වැඩ සහිතව වසර 15 ක සිරදඬුවම් නියම කර රුපියල් 3,000/- (තුන්දහස) ක දඩමුදලක් ද, දෙවන චෝදනාවට බරපතල වැඩ සහිතව වසර 15 ක සිරදඬුවම් නියම කර රුපියල් 5,000/- (පන්දාහ) ක දඩමුදලක් ද නියම කර ඇත. එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් එක් චෝදනාවකට වෙන වෙනම මාසය බැගින් මාස 02 ක ලිහිල් වැඩ සහිතව සිරදඬුවම් නියම කර ඇත.

තවද, වින්දිත දැරියට එක් එක් චෝදනාව සඳහා රුපියල් 250,000/- (දෙලක්ෂ පනස්දාහ) බැගින් චෝදනා 02 සඳහා රුපියල් 500, 000/- (ලක්ෂ පහ) ක වන්දි මුදලක් ගෙවීමට චූදිතට නියෝග කරමින් එම වන්දි මුදල නොගෙවන්නේ නම් එක් එක් චෝදනාවට මාස 18 බැගින් තවත් වසර 03 ක සැහැල්ලු වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website