ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක, කෘෂිකාර්මික වගාවන් ආවරණය කිරීම හා ගොවි ජනතාවගේ අවධානම් කළමනාකරණය කිරීම සඳහා ඇති එකම  රක්ෂණ ආයතනය වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත.

මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් ප්‍රතිලාභ ලබා ගත හැක්කේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වූ හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කළ, තේ පර්යේෂණය ආයතනයේ නිර්දේශිත පැළ තවාන් පාලනය සහ වගාවන් සදහා පමණක් වේ

ගංවතුර, නියඟය, නාය යෑම් වැනි පාලනය කළ නොහැකි ස්වාභාවික විපත්, පාලනය කළ නොහැකි රෝග සහ පාලනය කළ නොහැකි කෘමි උවදුරු සඳහා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මගින් ප්‍රතිලාභ ලබාගත හැකි අතර තේ පැළ තවානක ඇති එක් පැලයක් සඳහා වාර්ෂික රක්ෂිත මුදල රුපියල් 35/= කි.

තවද, තේ වගාවන් සදහා ක්ෂේත්‍රයේ  අලුතින් තේ පැළ සිටුවා ඉන් දළු නෙලීම ආරම්භ කරන උපරිම අවුරුදු 04ක කාල සීමාවක් තුල උපරිම අක්කර 01කට රුපියල් 1,000,000 දක්වා උපරිම රක්ෂණාවරනයක් ලබාගත හැකිවීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ විශේෂත්වය වේ. මෙහිදී තේ පැළ තවාන් සහ තේ වගාවන් සඳහා වාරික මුදල වාර්ෂිකව රක්ෂිත මුදලින් 6% වේ..

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල මගින් හෝ අපගේ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 1918 අමතා ලබා ගැනීමට හැකිවේ.

විදේශ විනිමය මෙරටට ගෙන ඒම සඳහා විශාල පිටුවහලක් වන තේ කර්මාන්තය රැකගනිමින් වගාකරුවන් දිරිමත් කිරීම අපගේ ප්‍රධාන අභිලාෂයය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website