2026.10.25 වන දින හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරනු ලබන බව පොලිස් මාධ්ය කොට්ඨාශය විසින් අද (29) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
මෙම සිද්ධියට අදාළව හෝමාගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලැබූ අපරාධ අංශයේ ස්ථානාධිපති හා දූෂණ මර්ධන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරුන් වන උප පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකුගේ හා උපසේවක රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය 2026.10.26 දින සිට අත්හිටුවීමට හෝමාගම දිස්ත්රික් (i) පොලිස් අධිකාරිවරයා විසින් කටයුතු කර ඇත.
ඒ අනුව, සැකකරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල හිටපු උප පොලිස් පරික්ෂකවරයා 2026.10.28 අද දින සවස හෝමාගම පොලිස් ස්ථානයේදී බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 32ක් වන බැල්ලපිටිය,හොරණ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (29) දින හෝමාගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි














