නාන කාමරයේ වතුර බාල්දියට වැටි බිළිඳා මරුට

නාන කාමරයේ තිබූ වතුර බාල්දියකට වැටී වසය අවුරුද්දක් වන ළදරුවෙක් මිය ගොස් ඇති බව එරාවුර් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මඩකලපුව-තන්නාමුනේ ප්‍රදේශයේ ජෙනිෆර් අග්නිව් විකාන් නම් ළදරුවෙකු බව ද පොලිසිය පැවසුවේය.

පොලිසියට අනුව ළදරුවාගේ මව නාන කාමරයේ රෙදි සෝදා දොරකඩ වේලීමට දමා සිටිය දී, නිදා සිටි දරුවා අවදි වී නාන කාමරයට ගිය බව දැක මව දැක ඇති අතර ඇය දරුවා නෑවීම සඳහා වෙනත් ඇඳුම් ගැනීමට නිවස තුළට ගොස් ඇත. මව නැවත නාන කාමරයට පැමිණ බලන විට දරුවා බාල්දිය තුළ හිස පහළට වැටී, හුස්ම නොගන්නා තත්ත්වයෙන් සිටි බව දැක ඇති අතර ඒ සම්බන්ධයෙන් එරාවුර් පොලිසියට දැනුම් දී තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දරුවාගේ දේහය අවසන් කටයුතු සඳහා පවුලේ ඥාතීන්ට භාර දී ඇති බව ද පොලිසිය පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඒරාවුර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website