ඊජිප්තු අගනුවරට බටහිර දෙසින් සංචාරක බස් රථයක විශාල ට්රක් රථයක් ගැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් 34 දෙනෙකු තුවාල ලැබූ බව ඊජිත්තු රාජ්ය මාධ්ය වාර්තා කළේය.
“කයිරෝ-අසුත් බටහිර කාන්තාර මාර්ගයේ බස් රථයක් සහ ට්රක් රථයක් අතර සිදුවූ ඛේදජනක ගැටීමෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තවත් 34 දෙනෙකු තුවාල ලබා ඇති” බව අල්-අහ්රාම් පුවත්පත පැවසීය.
බලධාරීන් අධිවේගී මාර්ගය පිරිසිදු කරමින් සිටි බව AFP වාර්තා කළේය. දොඹකරයක් මගින් විශාල බස් රථය ඔසවා තැබූ අතර, එහි ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.
මගී ආසන පාර අයිනේ විසිරී තිබූ අතර, බස් රථයේ සුන්බුන් ට්රක් රථයේ පිටුපස දක්නට ලැබුණි. තුවාල ලැබූවන් ගීසා හි රෝහලක ප්රතිකාර ලබමින් සිටින බවත්, අනතුරට හේතුව තීරණය කිරීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් අල්-අහ්රාම් වාර්තා කළේය.
ඊජිප්තුවේ මාර්ග අනතුරු බහුලව සිදුවන අතර බොහෝ විට ඒවාට දොස් පැවරෙන්නේ නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, දුර්වල නඩත්තුව සහ අසමාන නීතිය ක්රියාත්මක කිරීම මත ය.
ඊජිප්තුවේ රාජ්ය සංඛ්යාලේඛන ඒජන්සියට අනුව, පසුගිය වසරේ රට පුරා මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 6,000 කට ආසන්න සංඛ්යාවක් මිය ගොස් තිබේ.
පසුගිය මාසයේ සිනායි හි සිදුවූ බස් අනතුරකින් ජෝර්දාන සංචාරකයින් 10 දෙනෙකු ඇතුළු 22 දෙනෙකු මිය ගියහ.
අගෝස්තු මාසයේදී, කෘෂිකාර්මික දෛනික කම්කරුවන් ප්රවාහනය කළ පිකප් ට්රක් රථ දෙකක් ගැටීමෙන් උතුරු ඊජිප්තුවේ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගිය අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ළමයින් වූහ.
මූලාශ්රය: AFP















