කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.
දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැලඹිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තුවේ. මේ හේතුවෙන් දිවයින පුරා අහස වළාකුලින් බරව පවතී.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
දිවයිනේ බස්නාහිර, උතුර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. (100-150) ක පමණ තද වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති වියහැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.














