එන්ජින් සහ මැදිරි වෙන් වෙන්ව අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම වෙනුවට, සම්පූර්ණ දුම්රියක් ලෙස අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කිරීමේ වැඩපිළිවෙළ යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කළ S8-831 බලවේග කට්ටලයේ පරීක්ෂණ ධාවනය පසුගිය අගෝස්තු 14 දින සාර්ථකව සිදු කෙරුණි.
එහි දෙවැනි බලවේග කට්ටලය වන S8-830 ද පසුගිය දා පරීක්ෂණ ධාවනයට එක් කෙරිණි. එසේම මීට පෙර අලුත්ගම ධාවනාගාරයේදී ද එක් දුම්රියක් මෙලෙස අලුත්වැඩියා කළ අතර මෙම වසර තුළ දුම්රියන් 3ක් ධාවනය සඳහා එක් කර ඇත.
නුදුරේදීම මෙම බලවේග කට්ටලය ද කොළඹ තදාසන්න දුම්රිය මාර්ගවල මගී ප්‍රවාහනය සඳහා එක් කිරීමට නියමිත බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.













