නිවාස ප්‍රතිපත්තියේ ප්‍රතිපත්තිමය වෙනස්කම් ගණනාවක් – අග්‍රාමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක්

වත්මන් රජයේ එකම ඉලක්කය වෙන්නේ ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන්, හැමෝටම තමන්ගේම කියලා අභිමානවත් වාසස්ථානයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.

අනාගත තිරසර නිවාස ප්‍රතිපත්තිය උදෙසා මූලධර්ම නවයක් පදනම් කරගත් අලුත් ප්‍රතිපත්තිමය වෙනස්කම් ගණනාවක් රජය සිදුකරමින් සිටින බව ද ඇය සඳහන් කළාය.

නිවසක් යනු පුරවැසියාගේ මූලික මානව අයිතියක් බව ද ඒ වෙනුවෙන්, කිසිවකු අත් නොහැර, දත්ත මත පදනම් වන විද්‍යාත්මක සංවර්ධනයක් ඇති කිරීමත්, පාරිසරික තිරසරභාවය, උසස් ඉදිකිරීම් තත්ත්වය මූලික කරගත් ආර්ථිකය සමඟ දරාගත හැකි නිවාස පද්ධතියක් ගොඩනැගීම රජයේ අරමුණ බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවාය.

2026 ලෝක ජනාවාස දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනට සමගාමීව “අවැසි පමණට – සැමට සෙවණ” යන තේමාව යටතේ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යංශය විසින් අද (05) සංවිධාන කළ, ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website