ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමා අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විසින් අද (01) ප්රතික්ෂේප කර තිබේ.
මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරුන් රොහන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායක විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.














