AIRBUS ගනුදෙනුවට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නාමල් රාජපක්ෂට ඇප

එයාර්බස් නඩුවට අදාළව මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.

අධිකරණය නියෝගය අනුව නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරෙනු ඇත.

සැකකාර නාමල් රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනමක් ද පැනවූ අධිකරණය, අදාළ නියෝගය ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට දැනුම් දෙන ලෙස ද නියෝග කළේය.

අතිරේක ඇප කොන්දේසියක් ලෙස, නඩුවේ සාක්ෂිකරුවන්ට බාධා කිරීම හෝ බලපෑම් කිරීම නොකළ යුතු බවට ද මහේස්ත්‍රාත්වරයා රාජපක්ෂ මහතාට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website