දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහ ලේකම්වරයා ලෙස පිළිගැනීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

එම මාධ්‍ය නිවේදනය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන්ව පිළිගැනීමේ නියෝගයක් සහ දුමින්ද දිසානායක මහතා මහලේකම්වරයා ලෙස කටයුතු කිරීම සහ නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණේය.

නමුත් කොළඹ දිස්ත්‍රික් අධිකරණය මීට පෙර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර දයාසිරි  ජයසේකර මහතා එම තීරණය අවලංගු කර තමා ඉල්ලා සිටි සහනය ලබා දෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළේය.

මෙම අභියාචනය අද කැඳවූ විට, නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් දුමින්ද දිසානායක මහතා ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙසත් කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝග ඉල්ලා සිටි ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ අධිකරණය මෙම නඩුවේ මූලික විභාගය 2027 ජනවාරි 8 වනදා යළි කැඳවීමට ද නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website