2019පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද (22) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
පසුගිය අගෝස්තු 24 වන දින මෙම නඩුවේ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කෙරුණු අතර නඩුවේ අවසාන තීන්දුව සැප්තැම්බර් 22 වන දින ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම්දී තිබුණි.
නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම නඩුව සඳහා පැමිණිලිකරුවන් 2309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබුණි.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වාර්තාවේ.
මෙම නඩුව විභාග වන කොළඹ මහාධිකරණ අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බව පොලිසිය පවසයි.













